වැඩිහිටි, ආබාධිත වකුගඩු දීමනා සදහා රු. මිලියන 3057 ගෙවා අවසන්
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු හා සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වැඩිහිටි වකුගඩු, ආබාධිත දීමනා යටතේ රු. මිලියන 3057 මුදලක් ඊයේ සවස 04.00 වන විට ගෙවා ඇති බව අමාත්‍යාංශය අවධාරණය කරයි.
ඒ අනුව වැඩිහිටි මහලේකම් කාර්යාලය විසින් දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ප්‍රතිලාභීන් 488,243කට වැඩිහිටි දීමනාව ලෙස රු.මිලියන 2,441 ගෙවා ඇත.
මේ අතර වකුගඩු දීමනාව ලෙස සියලුම දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි වකුගඩු රෝග වලින් පෙළෙන 32,417 දෙනෙකු සදහා රු.මිලියන 162ක මුදලක් ද විවිධ ආබාධිත වලින් පෙළෙන පුද්ගලයින් 90,870 දෙනෙකු සදහා රු.මිලියන 454 ක මුදලක් ඊයේ පස්වරු 4.00 වන විට ගෙවා ඇති බවද ආබාධිත මහලේකම් කාර්යාලය දැනුම් දෙයි.
මේ අනුව ප්‍රතිශතයක් ලෙස 83%කට වැඩි ප්‍රතිලාභීන්ට මෙම වැඩිහිටි, ආබාධිත වකුගඩු දීමනා ඊයේ සවස් වනවිට ගෙවීමට හැකි වූ බව සෞඛ්‍ය කාන්තා ළමා හා සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

