හාලිඇල නගරයේ කන්දේගෙදර මාර්ගයේ පිහිටි වැඩිහිටි නිවාසයක බැද තිබු දෙබර කූඩුවක් ඇවිස්සීම නිසාවෙන් දෙබර ප්රහාරයට ගොදුරු වූ වැඩිහිටි නිවසේ වැඩිහිටියන් හත්දෙනෙකු අද (12) බදුල්ල ශික්ශන රෝහලට ඇතුලත් කල බව හාලිඇල පොලිසිය පවසයි .
මෙම දෙබර කූඩුව වැඩිහිටි නිවසේ පිටත වහලයේ බාල්කයක බැද තිබු බවත් ,එය එක්වරම ඇවිස්සී ගොස් එම වැඩිහිටි නිවසේ නේවාසිකව සිටින වැඩිහිටි පිරිසකට මෙසේ දෙබරු ඇන ඇති බවත් පොලිසිය සදහන් කලේය .
පසුව හාලිඇල පොලිසියේ නිළධාරින් සුවසැරිය ගිලන් සේවා නිළධාරින් එක්වී දෙබර ප්රහාරයට ගොදුරු වී සිටි වැඩිහිටි පිරිස බේරා ගෙන බදුල්ල ශික්ශන රෝහලට රැගෙන ගියහ .
හාලිඇල පොලිසිය පරීක්ෂන පවත්වති .