අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ පළමු අදියරේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා මාර්තු මස වැඩිහිටි දීමනාව අද (26) ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට බැර කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය සඳහන් කර ඇත.
මෙම වැඩිහිටි දීමනාව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 622,462 දෙනෙකුට ලබා දෙන අතර ඒ සඳහා රුපියල් 3,112,310,000ක මුදලක් වෙන් කර ඇත. දෙවන අදියරේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 71,339 දෙනෙකු සඳහා රුපියල් 356,695,000ක මුදලක් ලබා දීමට නියමිතයි.
අදාළ ප්‍රතිලාභීන්ට අද (26) දින සිට තම අස්වැසුම දීමනාව ප්‍රතිලාභී ගිණුම මගින් ලබා ගත හැකියි.