පොලිස් සේවා වනිතා ඒකකය මූලිකත්වයෙන් නවීන රූපලාවන්‍යාගාරයක් ලෙස වැඩිදියුණු කරන ලද පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ කොන්ඩා කැපුම් ස්ථානය (Saloon) වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.
පොලිස් නිලධාරීන් පමණක් මෙතෙක් කාලයක් සහනදායී මුදලකට මෙහිදී සේවා ලබා ගැනීම සඳහා අවස්ථාව උදාකර දී තිබූ අතර මින් ඉදිරියට පොලිස් නිලධාරිනියන්, පොලිස් පවුල්වල සාමාජිකයින්ට හා ඒ වෙත පැමිණෙන බාහිර පාර්ශවයන් සඳහා සහනදායී මුදලකට සියලුම රූපලාවන්‍ය කටයුතු සිදු කරගත හැකි පරිදි දෛනික විවෘතව පවතියි.