වැටුප් පරිත්‍යාග ඉල්ලීම ජනපති ලේකම්ගේ පුද්ගලික ඉල්ලීමක්
රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප හෝ ඉන් කොටසක් වැන්දඹු හා අණත්දරු අරමුදලට පරිත්‍යාග කරන ලෙස ජනපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා කළ ඉල්ලීම ඔහුගේ පෞද්ගලික ඉල්ලිමක් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
ඔහු අදාළ ලිපිය යොමුකර ඇත්තේ පුද්ගලික ආයාචනයක් යනුවෙන් සඳහන් කර ඇති බවද බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
ජනපති ලේකම්වරයා රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට ලිපියක් යොමුකරමින් සඳහන් කළේ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පවතින මූල්‍යමය අර්බුදයට විසඳුමක් ලෙස රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප, වැටුපෙන් භාගයක්, සතියක වැටුප හෝ දිනක වැටුප පරිත්‍යාග කරන ලෙසයි.
“ජනපති ලේකම්වරයා ආයතන ප්‍රධානීන්ට යොමුකළ ලිපිය පෞද්ගලික ලිපියක්. එය රජයේ ඉල්ලීමක් නෙමෙයි.
වෙසක් මාසයේ සද්භාවයෙන් ඔහු කළ ඉල්ලීමක්. පරිත්‍යාගයක් ඉල්ලීම නිසා එතුමාව දඩුකඳේ ගහන්න හදනවා.
ඔහු තම මාසික වැටුපෙන් කොටසක් පරිත්‍යාග කර තිබෙනවා. අනිත් කැමති කෙනෙක් ඉන්නවනම් වැන්දඹු හා අණත්දරු අරමුදලට ලබාදෙන ලෙස ඔහු ඉල්ලා සිටිනවා.
එය නොදීමට සම්පූර්ණ නිදහස තිබෙනවා. මෙවැනි ඉල්ලීමක් නැතිවුණත් විශාල පිරිසක් එවැනි පරිත්‍යාගයක් කර තිබෙනවා."

popular news
-
Devinda Uduwara Friday, 08 May 2020 05:57 PM
Request in official letter head?
Reply : 0 0
Don Friday, 08 May 2020 08:23 PM
ඉදිරි අනාගතයේදී උසස්වීම් සඳහා පවත්වන සම්මුඛ පරීක්ෂනවලදී අසන අනීවාර්ය ප්රශ්නය තමයි "තමාගේ පඩියෙන් කී දාහක් දුන්නද"? කියන එක. එහෙම නොවුනොත් පොහොට්ටුවේ ආණ්ඩුවක් නොවේ.
Reply : 0 0
Deepal Nirosh Saturday, 09 May 2020 10:43 AM
මේක පුද්ගලික ඉල්ලීමක් කොහොම ද ඉල්ලීම් පිටපත් නීතිපතිතුමාටත් විගණකාධිපතිතුමාටත් යොමුවුනේ ? ඒත් කමක් නැහැ. දීමට හෝ නො දීමට රාජ්‍ය සේවකයින්ට නිදහස තිබෙනවා කියනවනෙ. හැබැයි දුන්නට පස්සෙ දීම / නොදීම සේවක උසස්වීම්, ස්ථාන මාරු, සේවා දිගු යනාදියට බලපාන්නෙ නැහැ කියල ඔබතුමාට සහතික වෙන්න පුළුවන් ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

