වැට් බදු වැඩි කිරිමේ ප්රතිශතය වැඩි බවත් තමන් වැට් බද්ද වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමට එක් නොවන බවත් පාර්ලිමෙන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති වැඩසටහනකින් අනතුරුව ඔහු මෙම අදහස් දැක්වීය. තම තීරණය සම්බන්ධයෙන් මේ වන විට පක්ෂය දැනුවත් කර ඇති බවත් ලංකාවේ බදු ක්රමය සරළ විය යුතු බවත් ඔහු පැවැසීය.
ජනතාවට ගෙවිය හැකි සීමාවක බදු ප්රතිශතය පැවැතිය යුතු බවත් බදු දැල වැඩි කර ගැනීමට කටයුතු කළ යුතුව ඇති බවත් ඔහු පැවැසීය.
"බදු දේශපාලනීකරණය නොකළ යුතුයි. හැම පක්ෂයක්ම බද්ද තමන්ගේ දේශපාලනයට යොදා ගන්නවා. ජාතික බදු ප්රතිපත්තියක් ක්රියත්මක කළ යතුයි.ඡන්ද විමසීමට එන්නේ නෑ. මම ඒක පක්ෂයට කිව්වා."