වැට් බද්ද නිසා පාන් හැර අනෙකුත් සෑම බේකරි නිෂ්පාදනයකම මිල රුපියල් 12 ත් 15 ත් අතර මිලකින් වැඩි වනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.
ඒ අනුව සීනි බනිස් ගෙඩියක මිල රුපියල් 100 දක්වා ඉහලයාමට ඉඩ ඇති බවද සභාපතිවරයා පවසයි .
එම නිසා බේකරි නිෂ්පාදන වැට් බද්දෙන් නිදහස් කරන ලෙස ඉල්ලමින් අගමැතිවරයාට ලිපියකින් දැනුම් දුන් බව ද ඔහු පැවසීය.
බේකරි කර්මාන්තය සඳහා යොදා ගන්නා සියලුම අමුද්‍රව්‍ය මිලදී ගැනීමේදී ඒ සඳහා වැට් බදු ගෙවන බවත් යළිත් බේකරි නිෂ්පාදන සඳහාද වැට් බදු ගෙවීමට සිදුවීම අසාධාරණ හා බේකරි හිමියන්ට දරා ගත නොහැකියි බවත් සභාපති වරයා කීය .
රටේ පවතින ආර්ථික අර්බුදය නිසා බේකරි 2000ක් පමණ දැනටමත් වැසි ඇති බවත් බේකරි නිෂ්පාදනය හා අලෙවිය ද සියයට 50කින් පමණ අඩුවී ඇතැයිද ජයවර්ධන මහතා පැවසීය.