විපක්ෂය අපේක්ෂා කළ ආකාරයේ බරපතළ තත්ත්වයක් වැට් බද්ද හේතුවෙන් රට තුළ තවමත් සිදු වී නොමැති බවට පාරිභෝගික සේවා අධිකාරිය මගින් සිදු කළ සමීක්ෂණ වාර්තාවක් පාරිල්මේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (10දා) ප්‍රකාශ කළේය.
එසේම වැට් බද්ද ඉහළ නැංවීම හේතුවෙන් සමාජයට සිදු ව ඇති බලපෑම් සම්බන්ධයෙන් විශේෂ සමීක්ෂණයක් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තම්න්තුව මගින් සිදු කෙරෙමින් පවතින බවද ඔහු එහිදී පැවසීය.
ඒ අනුව අලුතෙන් වැට් බද්දට ඇතුළත් වූ සහ 3%ක වැට් බදු අනුපාතය ඉහළ ගිය භාණ්ඩවල මිල මෙතෙක් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් නැතැයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ අලුතෙන් වැට් බද්දට ඇතුළත් වූ පොල්තෙල්, පොල් කිරි, බිත්තර, දුඹුරු සීනි වැනි භාණ්ඩ සුළු මිල වෙනස් වීම පමණක් සිදු ව ඇති අතර වැට් බද්ද 3෴කින් ඉහළ ගිය කිරිපිටි, සැමන් සහ අභ්‍යාස පොත් මිල ද නොවෙනස්ව පවතින බවයි.