ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ප්‍රාදේශිය ලේකම් කාර්යාල සතු සංචිත වාහන 28ක් සදහා රියදුරු වැටුප් හා දීමනා හැර එකී වාහන නඩත්තු කිරිම සදහා 2020 වර්ෂයේ දි රුපියල් මිලියන 14.47 ක නඩත්තු වියදමක් දරා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
මෙකී වාහන ධාවනය කල කිලෝමිටර් සංඛ්‍යාව 678,097කි.ඒ අනුව කිලෝමිටරයක වියදමේ සාමාන්‍ය රුපියල් 21ක් වුවද එකිනෙක වාහනවල කිලෝමිටරයක වියදම රුපියල් 08ත් 290ත් අතර විචලනයක් පැවති බව විගණන වාර්තාවේ සදහන් වේ.
ගණන්දිමේ නිලධාරියා විසින් මේ පිළිබද විගණනයට කරුණු දක්වමින් සදහන්කොට ඇත්තේ දක්වා ඇති සංචිත රථයන්හි කිලෝමිටරයකට වියදම රුපියල් 21ට වඩා ඉහලගොස් ඇත්තේ ප්‍රධාන අලුත්වැඩියාවන් සදහා විශාල වියදමක් දැරිමට සිදුවිම නිසා බවය. මෙම රථවාහන සියල්ල වසර 10කට වඩා පැරණි රථ බවත් මෝටර්රථ පරික්ෂකගේ නිර්දේශමත අලුත්වැඩියාවන් සිදුකොට ඇති බවද ගණන්දිමේ නිලධාරියා සඳහන් කොට ඇත.
වාහන නඩත්තු වියදම අවමකරගැනිමට හා ධාවනය කරණ කිලෝමිටරයක වියදම විශාල වෙනසක් ඇති නොවන ආකාරයට නඩත්තු වියදම කළමණාකරණය කරගතයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. ජාතික විගණන කාර්යාලය මගින් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2020 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වර්ෂය සදහා නිකුත් කළ මුල්‍ය වාර්තාවේ මෙම තොරතුරු සඳහන් වේ.
රවින්ද්‍ර ශ්‍රි ලාල් චන්දන සමරවික්‍රම