ඒ අනුව ලියාපදිංචි නොකළ සහ කෙටි දුරක් හෝ ධාවන කළ වාහන (used vehicle) සඳහා අය කරන බදු වල වෙනසක් පවතින බව රජයේ නිලධාරීහු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට දැන්වුහ.
පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්රධානත්වයෙන් එම කාරක සභාව රැස්වූ අවස්තාවේදී මෙම කරුණු අණාවරණය විය.
මෙහිදී කාරක සභාවේ සබාපතිවරයා නිලධාරීන්ගෙන් විමසා සිටියේ ලියාපදිංචි නොකළ සහ සහ කෙටි දුර ප්රමාණයන් ධාවනය කර ඇති වාහන වෙනුවෙන් අයකරනු ලබන එකතු කළ අගය මත බද්දේ (VAT ) අදායම නිසියාකාරව ලැබෙනවා ද සහ එම බදු අයකිරීම් සමබර ද යන්න බවයි.
වාහන ආනයනය මගින් විශාල බදු අදායමක් ආණ්ඩුව බලාපොරොත්තු වන හෙයින් මේ තත්ත්වය යටතේ වාහන ආනයනයෙන් විශාල බදු අදායමක් රටට අහිමි වන බව කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව ආනයනය කර තිබෙන භාවිතා කළ වාහන වල අහඹු නියැදියක් ගෙන ඒවායෙන් ලබාගත් බදු මුදල් සම්බන්ධ වාර්තාවක් කාරක සභාවට යොමු කරන ලෙස කාරක සභා සභාපතිවරයා ශ්රී ලංකා රේගු දෙපාර්තමේන්තු නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.