ආර්ථිකය ශක්තිමත් වීම මත වාහන බදු සංශෝධනයක් ගැන අවධානය යොමු කළ හැකි බවත් මේ අවස්ථාවේදි වාහන
බදු සංශෝධනයක් ගැන කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
"ජනතාවගේ සිහින සැබෑ කරන්න පුළුවන් වන්නේ ආර්ථිකය ස්ථාවර කිරීම තුළ. පුද්ගල නැත්නම් එක පවුලක තියෙන සිහින ගැන අවධානය යොමුකරන අතරේ අපිට භාර ගන්න වුණේ හොඳට සුවපහසුව දුවපු රටක් නෙමෙයි.
වාහන ආනයනය අවුරුදු 4ක් නතර කර තිබුණ රටක්. අපේ ඩොලර් සංචිතයට බලෑමක් නොවන ලෙසට හා ඒ මගින් ලැබෙන බදු ආදායම ගැන තක්සේරුවකින් යුතුව තමයි ආනයන වෙළඳපොළ විවෘත කළේ.
අපි වගේ ක්‍රමයෙන් නැගි හිටින රටකට සියලු දේවල් එක සැරේ විවෘත කරන්න බෑ. අපි වාහන ආනයනය කර තිබෙනවා.
වාහනයක් ගන්න පහසුව හදලා තියෙනවා. අපි ඉදිරියේදී බදු සංශෝධනය ගැන අවධානය යොමුකරමු. නමුත් දැන් ඒ ගැන කියන්න බෑ."