වාහන පොකුරු සහිත රජයේ ආයතන හා සංවිධාන මෙන්ම ව්‍යාපාරික ස්ථාන වෙත තමන්ගේ වාහන එක් ජංගම දුරකතන අංකයක් හෝ ජංගම දුරකතන අංක කිහිපයක් සමග ජාතික ඉන්ධන බලපත්‍රයට ලියාපදිංචි කිරීමේ අවස්ථාව මේ වන විට ලැබී ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
කෙසේ වෙතත් එක් ව්‍යාපාර ලියාපදිංචි කිරිමේ අංකයක් යටතේ මෙසේ වාහන ලියාපදිංචියට අවස්ථාව ලැබෙන බවත් ඒ ඒ රජයේ ආයතන වෙත වෙන්කර ඇති ව්‍යාපාර ලියාපදිංචි අංකය පිළිබඳව මාර්ගෝපදේශ ඉදිරියේදී ලබාදෙන බවත් අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.