වාහන ආනයන සීමා ලිහිල් කිරීමක් මේ වසරේදී සිදු කිරීමට අවස්ථාවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති රජයේ ප්රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා සඳහන් කළේ මේ වසරේ තෙවැනි කාර්තුව වන විට උද්ධමනය තනි ඉලක්කමක අගයකට පැමිණෙනු ඇති බවයි.
එසේම උද්ධමනය අඩුවීමට සාපේක්ෂව වෙළඳ පොළ සාමාන්‍ය තත්ත්වයට පැමිණීමට තවත් මාස දෙකක පමණ කාලයක් ගතවෙනු ඇති බවද ඔහු සඳහන් කළේය.
ඉදිරියේදී පොලී අනුපාත තවදුරටත් පහළ යනු ඇති බවද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.