වාහන ආනයනයෙන් ඩොලර් බිලියනය ඉක්මවූ ආදායමක්
වාහන ආනයනයෙන් වර්තමානය වන විට 72%ක ඉලක්කයක් සපුරාගෙන අවසන් බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.
ඒ අනුව මෙම වසර අසන් වන විට ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්ම වූ ඉලක්කගත අදායමක් ලබා ගත හැකි බව එහිදී අදහස් පළ කරමින් භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.කේ.සෙනෙවිරත්න මහතා පැවසීය.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වැඩබලන සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මේ බව අනාවරණය විය.
කමිටු සාමාජිත පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක – දැන් වාහන කීයක් විතර ඇවිල්ලා තිබෙනවාද? අපේ ටාගට් එක ළං වෙලාද? අපි ලබාගෙන තිබෙන මුළු ආදායම කොපමණද?
රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් කපිල සේනානායක - මුළු ආදායම අගෝස්තු 05 වැනිදා වෙද්දි රුපියල් බිලියන 316යි. ඒක ඇස්තමේන්තු මුදලින් 72%ක් පමණ වෙනවා.
භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.කේ.සෙනෙවිරත්න – අගෝස්තු 06 වැනිදා වෙනකන් එල්.සී. විවෘත කරලා තියෙනවා 1278ක්. වාහන 172, 292ට. ආදායම ඇවිත් තිබෙනවා රුපියල් බිලියන 321ක්.
කමිටු සාමාජික නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ – ඒ ඇවිල්ලා තියෙන්නේ ආපු වාහනවලින්නේ?
භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.කේ.සෙනෙවිරත්න – ඔව්. නිෂ්කාශනය වූ සී.අයි.එෆ් වටිනාකම 671යි.
කමිටු සාමාජික නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ – ඒ කියන්නේ ආදායම දෙගුණයක් කරන්න පුළුවන්?
භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.කේ.සෙනෙවිරත්න – අවුරුද්ද අවසානයේ බිලියන 1ක් නිෂ්කාශනය වෙයි වාහනවලට. ඒ අනුව ආදායම් ඉලක්කය තිබුණේ 1.5යි. එල්.සී. විවෘත කළ සියල්ල නිෂ්කාශනය වෙයිද කියන්න බැහැ. දැනට 671ක් කියන්නේ අවුරුද්ද අවසානය වෙනකොට අපේ ටාගට් එක ලැබෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

