මොරගොඩ පොලිස් වසමේ ලබුනෝරුව සන්දනම්කුලම වැව අසලදී රථ වාහන දෙකක් නවතා එහි ගමන් කළ පිරිසක් බිමට බස්සවා පහර දී එක් පුද්ගලයෙකුට අයත් ලක්ෂ දොළහකට වැඩි රන් භාණ්ඩ කොල්ලකා යතුරුපැදියකින් පළා ගිය දෙදෙනෙකු ඇතුළු පහරදීමට සම්බන්ධ පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (12දා) විමර්ශනයක් ආරම්භ කළ බව මොරගොඩ පොලීසිය පවසයි.
මුරියාකඩවල පාසල් ක්රීඩාංගණයේදී පැවැත්වූ සංගීත ප්රසංගයක සංවිධායකයන් විසින් ආරාධිතයෙකු ලෙස කැඳවා තිබූ ඉපලෝගම ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු, ප්රසංගය අවසන් වී බිරිඳ ,දරුවන්, ඥාතීන් සහ මිතුරන් සමග රථ වාහන දෙකකින් ගමන් කරමින් සිටියදී එම වාහන නවතා රන් භාණ්ඩ කොල්ලකා පහර දී පළා ගොස් ඇති බව පැමිණිල්ලේ සඳහන් සඳහන්ව ඇතැයි පොලිසිය කියයි.
පැමිණිලිකරු පැමිණි කැබ් රථය සහ වැගන් ආර් රථයේ මග හරස් කළ පුද්ගලයන් තම ගෙල බැඳි පවුම් හය හමාරක් බර ඩයමන්ඩ් හැඩති රන්මාලය දරුවාගේ අත් බැඳි රන් පළඳනාව හා ගෙල බැඳි රන් මාලය සැකකරුවන් දෙදෙනකු විසින් කොල්ල කා යතුරු පැදියකින් පලා ගිය බවත්, ඉන් අනතුරුව එම ස්ථානයට යතුරු පැදිවලින් පැමිණි පුද්ගලයන් පහළොවක් පමණ තමා ඇතුළු පැමිණි පිරිසට පහර දුන් බවට පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් බව පොලීසිය කියයි .
මෙම සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරුවන් හඳුනා ගෙන ඇති බවත් ඔහු සහ පැමිණිලිකරු අතර මීට පෙර අවස්ථාවකදී පෞද්ගලික ආරවුලක් හට ගෙන තිබූ බවත් අනාවරණය වූ බවද විමර්ශන සිදුකරන පොලිසිය කියයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මොරගොඩ පොලිසියේ නිලධාරීහු පිරිසක් වැඩි දුර විමර්ශන සිදු කරති .