වාහනයේ අංක තහඩුවේ අවසාන අංකය මත පදනම්ව පෞද්ගලික වාහන වලට ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට අවධානය යොමුව ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. ඒ අනුව උදාහරණයක් ලෙස වාහනයේ අංකය 0 සිට 2 සඳහා සඳුදා හා බ්‍රහස්පතින්දා ලෙස ඉන්ධන ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අනුව එක් වාහනයට සතියකට ලීටර් 20-30ක් පමණ ලබාදීමට අවධානය යොමුකර ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය.