වාස් ගුණවර්ධනගේ නඩුව කල් යයි
මාළඹේ තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සිසුවකු පැහැරගෙන ගොස් පහර දෙන ලදැයි චෝදනා ලැබ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා, ඔහුගේ පුතා, බිරිද ඇතුථ කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි කළ පොලිස් නිලධාරීන්ට එරෙහි නඩුව ලබන අපේ‍්‍රල් 25 වැනිදා යළි කැදවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා අද නියම කළේය.
මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.
මොහොමඞ් සියාම් ඝාතන නඩුව සම්බන්ධයෙන් මරණීය දඩුවම නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා, ඔහුගේ පුතා මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර සෙසු විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියහ.
මාළඹේ තොරතුරු තාක්ෂණ විදුහලේ සිසුවකු වු නිපුන රාමනායක නමැත්තා පැහැරගෙන ගොස් ඔහුට පහර දෙන ලද බවට නීතීපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කොට ඇත්තේ සිද්ධිය සිදු වී වසර හතක කාලයකට පසුවය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
