මෙහයුම් නවත්වා තිබීමෙන් අනතුරුව නැවත ආරම්භ කළ වලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව දැන් ලාභ ලබන තත්වයට පත්ව ඇති බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කරමින් ඔහු සඳහන් කරන්නේ පරණ ණය ගෙවා දමමින් කර්මාන්ත ශාලාව ඉදිරියට යන බවයි.
එසේම නව නිෂ්පාදන යන්ත්‍ර ගෙන්න සැළසුම්ද සකස් කර ඇති බවත් මේ අතරම කර්මාන්ත ශාලව කේන්ද්‍ර කර ගනිමින් කෞතුකාගාරයක්, විනෝදාස්වාද මධ්‍යස්ථානයක්, ඡායාරූප ගැනීමේ ස්ථානයක්ද සකස් කිරීමට බලාපොරොත්තු වන බවයි.