"වාරි මහිම" උත්සවයට දෙමාපියන් සහභාගී නොකළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ඇටවීරගොල්ලෑව මහා කාශ්‍යප විදුහලේ විදුහල්පතිවරයාට තර්ජනය කර ඇති බැවින් ඒ සඳහා තම සංගමයේ පූර්ණ මැදිහත්වීම සහ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
ඇටවීරගොල්ලෑව වැවක ඉකුත් 4 වනදා 'වාරි මහිම' වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන උත්සවයට පාසලේ දෙමාපියන් සම්බන්ධ කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු කළ ඉල්ලීම විදුහල්පතිවරයා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කියයි.
උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව කලාපයට මේ පාසල අයත් වේ. ඒ අනුව කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂවරයා මාර්ගයෙන් මෙම තර්ජනය කිරීම විදුහල්පතිවරයා විසින් කලාප අධ්යක්ෂවරයාටද දැනුවත් කර ඇති බව ලංකා ගුරු සංගමයේ සභාපතිවරයා සඳහන් කළේය.
එපමණක් නොව විදුහල්පතිවරයාගේ පුද්ගලික WhatsApp අංකයට "බලාගන්නම්" යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සටහනක් තැබූ පණිවිඩයක්ද විදුහල්පතිවරයාට එවීමෙන් තර්ජනය කර ඇති බව ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කීය.
මේ සම්බන්ධයෙන් උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා තමන් විසින් දැනුවත් කළ බවද ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අනාවරණය කළේය.
'මෙම උත්සවය සඳහා මයිකෝපොන රඳවනය විදුහල්පතිවරයා විසින් සපයා දී ඇති බවද වාර්තා වේ '