ලිපිගොනු සොයාගැනිමට නොහැකිවිම මත වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් වාහන 455ක් භෞතිකව හදුනා ගැනිමට නොහැකිවි ඇති බැව් වාරිමාර්ග අමාත්‍යංශය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුලත්කොට ඇති විගණන වාර්තාවේ සදහන් වේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නමින් වාහන 1997 ක් ලියාපදිංචිකොට තිබුණි. එහෙත් භෞතිකව හදුනාගෙන ඇති වාහන සංඛ්‍යාව 1159කි. දැනට වාරිමාර්ග දෙපාර්මේන්තුව විසින් පරිහරණය කරණු ලබන්නේ වාහන 999කි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නමින් ලියාපදිංචි වි ඇති වාහන 1997 අතුරින් වාහන 438ක් අපහරණය ක්‍රියාවලිය මගින් බාහිර පාර්ශවයන් වෙත විකුණා ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ.
චන්දන සමරවික්‍රම