මාර්ග අනතුරු හේතුවෙන් පසුගිය වසර තුනක කාලය තුළ මෙරට සාමාන්‍ය වාර්ෂික මරණ අනුපාතය පුද්ගලයන් 10000කට 11.2ක් ලෙස වාර්තා වෙයි. එය මාර්ග ආරක්ෂාව පිළිබඳ දෙවැනි ගෝලීය දශකය මගින් නිර්දේශිත හා එජා අනුමැතිය ලත් ආරක් සීමාව ඉක්මවා යාමකි.
පොලිස් දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2020 සිට 2024 දක්වා කාලය තුළ රිය අනතුරු 118697ක් වාර්තා වී ඇති අතර පුදගලයන් 12322ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
දුම්රිය හරස්මාර්ගවල අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් වාර්ෂිකව අනතුරු 400ක් පමණ සිදුවෙයි. මේ අනුව මාර්ග යටිතල පහසුකම් වර්ධනය, ආරක්ෂිත වාහන භාවිතය, වාහන නියාමනය කිරීමට අත්‍යාවශ්‍ය වෙයි. ඒ අනුව සකස් කර ඇති මාර්ග ආරක්ෂක ක්‍රියාකාරී සැලැස්මක් 2025/2026 ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය.