වීන විද්‍යා ඇකඩමියේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණි බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරන තානාපති කාර්යාලය පවසන්නේ වායු දූෂණය සම්බන්ධයෙන් සටන් කිරීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක දෙපාර්ශ්වය අතර සහයොගීතාව වර්ධනය කිරීමට මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට පැමිණි බවයි.
එසේම පසුගිය වසර හතක කාලය තුළ චීන විද්‍යා ඇකඩමිය විසින් ශ්‍රී ලංකාවේ ආචාර්ය උපාධි අපේක්ෂකයන් හා පශ්චාත් උපාධි අපේක්ෂකයන් 34කට පරිසරය හා ජලය පිළිබඳ අවශ්‍ය ඉගෙනීම් වෙනුවෙන් සහාය ලබාදුන් බවද තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.