දිවයින අශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය හෙට (25) දින අඩු පීඩන කාලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඒ හේතුවෙන් දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදි තවදුරටත් බලාපොරොත්තුවන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනන් බෙහෝ ප්‍ර දේශවල අහස වළාකුළින් බරව පවතින ඇති බවත් උතුරු, උතුරු-මැද හා නැහෙනහිර පළාත්වල විටින් විට වැසි හො ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැ හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් උතුරු හා නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වල මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.