හලාවත නගරසභා මංගල රැස්වීමේදී එහි නගරාධිපති ලෙස ජාතික ජනබල වේගය නියෝජනය කළ ජයසූරිය කුරණගේ සුමේද නික්ලස් සඳරුවන් පෙරේරා අද තේරී පත්විය.
මෙම රැස්වීම අද ට වයඹ පළාත් පළාත් පාලන කොමසාරිස් එච් එම් එස් හේරත් මහත්මියගේ මෙහෙය වීමෙන් එම නගර සභා ශාලාවේදී පැවැත්වීය.
නාගරික නියෝජිත සංයුතිය තේරී පත්ව ඇත්තේ ජාතික ජනබලවේගය පක්ෂයෙන් 9කි. ස්වාධීන කණ්ඩායමෙන් 06කි. සමගි ජනබලවේගය පක්ෂයෙන් 04ක් තේරීපත්ව ඇති අතර ශ්රීලංකා පොදු පෙරමුණෙන් එක් නියෝජිතකයෙකු තේරී පත්ව ඇත.
මෙම රැස්වීමේදී නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා යොජනා දෙකක් ඉදිරිපත් වූ අතර ජාතික ජනබල වේගයෙන් පාර්ශවයෙන් සුමේද නික්ලස් සඳරුවන්ගේ නම යෝජනා වු අතර පොදු විපක්ෂයෙන් හිටපු නගරාධිපති වරයෙකු වර්ණකුලසූරිය ඇලෙක්සියස් හිලරි ප්රසන්න ප්රනාන්දුගේ නම යෝජනා විය.
ඒ අනුව කොමසාරිස් වරිය විසින් ඡන්දයකට යායුතුබව යෝජනා කළ අතර ඒ සඳහා රහස් ඡන්දයක් පැවැත්විය. යුතුබව ජාතික ජනබල වේගය පාර්ශවය යෝජනා කළ අතර එය විවෘත ඡනදයක් වියයුතු බවට පොදු විපක්ෂය යෝජනා කිරීමත් සමග සභාවේ වාදවිවාද සහ තදබල වචන හුවමාරු සමග කාලගෝට්ටි ඇතිවිය.
ඒ අනුව කොමසාරිස් වරිය විසින් රහස් ඡන්දයක්ද නැතහොත් විවෘත ඡන්දයක්ද යන්න විමසීමට ඡන්දයක් විමසු අතර එහිදී රහස් ඡන්දයක් සුදුසු බව 12දෙනෙකු විසින් ඡන්දය ප්රකාශ කළ අතර 08 දෙනෙකු පමණක් විවෘත ඡන්දයක් සුදුසු බවට ඡන්දය ප්රකාශ කරන ලදි.
ඒ අනුව නගරාධිපති තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවති අතර එහිදී ශ්රී ලංකා පොදු පෙරමුණ පක්ෂයෙන් තේරී පත්වු වීරක්කෝඩිගේ සුරංගද සොයිසා ඡන්දය ප්රකාශ කිරීමෙන් වැලකී සිටියේය.
ඒ අනුව ජාතික ජනබල වේගයට ඡන්ද 10ත් පොද් විපක්ෂයට ඡන්ද 09ත් ලැබීමෙන් අනතුරුව නව නගරාධිපති ලෙස සුමේද නික්ලස් සඳරුවන් පෙරේරා තේරී පත්විය.
පිරිස ශාලාවෙන් බැහැරට ඒමෙන් පසු පරාජිත විපක්ෂය විසින් ජයගත් ජාතික ජනබල වේගයට මුදලට මන්ත්රීවරුන් ගත්බව පවසමින් විවිධ චෝදනා නගනවාත් සමග දෙපිරිස අතර ඇතිවන්නට ගිය මහා ගැටුමක් පොලී සිය මැදිහත්ව සමතයකට පත් කරන ලදි.
ආරච්චිකට්ටුව ලලිත් නවරත්න