මහ දවාලේ තියුණු කඩු පෙන්වා රන් ආභරණ ව්‍යාපාරිකයකු බියගන්වා රුපියල් ලක්ෂ දොලහකට අධික වටිනාකමකින් යුත් රන්භාන්ඩ සහ මුදල් කොල්ලකෑ සංවිධානාත්මක සොර කණ්ඩායමක තිදෙනෙකු අද (25දා) අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි.
බණ්ඩාරගම , අටුළුගම , මාරාව ප්‍රදේශයේ රන් භාන්ඩ ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයි සදහන් වේ.
උකස්කර ඇති රන් භාණ්ඩ තොගයක් බේරාගැනීමට කටයුතු කරන මුවාවෙන් ව්‍යාපාරිකයා කැටුව ගොස් මෝදරවිල ප්‍රදේශයේදී කඩු දෙකක් එල්ලකොට බිය ගන්වා ඔහු සන්තකයේ තිබූ රුපියල් හාරලක්ෂ අනු පන්දහසක මුදලක්, රුපියල් හයලක්ෂ හැත්තෑ අටදහසක් පමණ වටිනාකමකින් යුත් රන්මාලයක්, රන් වලලු දෙකක්, අත් පළදනාවක් සහ කාන්තා මුදුවක්, රුපියල් තිස්පන්දහසක් වටිනා ජංගම දුරකථනයක් සොරාගෙන ඇති බවට පැමිණිල්ලේ සදහන්ව ඇතැයි පොලිසිය කීය.
සැකකරුවන් කොල්ලකෑ මුදලින් කොටසක් වැයකොට ඇති අතර , සගවා තිබූ සොරකම් කරන රන්භාන්ඩ ජංගම දුරකථනය, මුදල් වලින් කොටසක් සහ කඩු දෙකද පොලිස් භාරයට ගෙන තිබේ.
මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර , මෝදරවිල සහ අරුක්ගොඩ ප්‍රදෙශයේ පදිංචි 30,32 සහ 38 වියැති පුද්ගලයින් බවත් ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 66 යි මිලිග්රැම් 50 ක් ද සොයාගත් බවත් පොලිසිය පැවසීය.
සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
පානදුර සුමිත් පොතුපිටිය