ව්‍යාජ ලේඛන සහිත යතුරුපැදි 8ක් සමග අයෙක් මාට්ටූ
ව්‍යාජ ලිපි ලේඛන හා ව්‍යාජ අංක තහඩු සකසා අලවි කරණ ලද ,යතුරුපැදි අටක් සමග සැකකරුවෙකු ,නිකවැරටිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගත් බව නිකවැරටිය පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.
සැකකරු මහව.ඉපලෝගම ප්‍රදේශයේ පදිංචි අයෙකු .බවද , මොහු විසින් ව්‍යාජ ලිපි ලේඛන සහ ව්‍යාජ අංක තහඩු සකසා අලවි කරණ ලද යතුරු පැදි අට හලාවත ,බංගදෙනිය ,රිදීගම , ,වනාතවිල්ලුව.,එප්පාවල ,ආරච්චිකට්ටුව , එලුවන්කුලම.,පොල්පිතිගම , යන ප්‍රදේශ වලින් සොයා ගත් බවද පොලීසිය සඳහන් කරයි .
මෙම යතුරු පැදි වල චැසි අංක සහ එන්ජිම් අංක මකා දමා ඇති බවද , ඒ අනුව මෙම යතුරු පැදි සොරකම් කල ඒවාදැයි පොලීසිය සැක කෙරෙන අතර. මෙම.යතුරු පැදි වල නියම හිමිකරුවන් කවුද යන්න පිළිබඳව සොයා ගැණීම සඳහා මේ වන විට පුලුල් පරීක්ෂණ අරඹා ඇති බවද පොලීසිය සඳහන් කරයි .
සැකකරු මෙම යතුරු පැදි විවිධ මිල ගනන් යටතේ ගැණුම් කරුවන්ට අලවිකර ඇති අතර ,මෙම යතුරු පැදි වල සැබෑ හිමිකරුවන් කව්ද යන්න හෝ සැකකරු අතට මෙම යතුරු පැදි කෙසේ පත් වූවාද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවද තොරතුරු අනාවරණය කර ගැණීම සඳහා කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ අරඹා ඇති බවද පොලීසිය සඳහන් කරයි .
සැකකරු සහ අදාල නඩු භාණ්ඩ නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නිකවැරටිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුරටත් පරීක්ෂණ සිදු කෙරේ.
නිකවැරටිය ප්‍රියාණි මංගලිකා
popular news
-
තිලකරත්න Friday, 03 February 2023 06:12 AM
වාසුගේ ආසනය කියන ප්‍රදේශයේ නගරයක් ආසන්නයේ අධික ශබ්දයක් නිකුත්කරන බොහෝවිට ගරාජ් අංක සහිතව අධික වේගයෙන් ධාවනය කරන යතුරු පැදි කීපයක් තියෙනවා පදින තරුණයෝ හෙල්මට් නැහැ නින්ජාවරු වගේ අදින අවස්ථා තියෙනවා ඒ වා එනකොට ජනතාව පාරෙත් ඉන්නෙ නැහැ ගෙදර හිටියනම් කන්වල ඇගිලි ගහ ගන්නවා රාත්‍රියේ දොලහට එකට වගේ වෙලාවෙත් යනවා බලන්න කෙනෙක් නම් නැහැ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

