ව්‍යාජ ලෙස ඉන්ධන ටැංකියක් සවි කළ ත්‍රීරෝද රථයක් බණ්ඩාරගම රඹුක්කන අයි ඕ සි ඉන්ධන පිරවුම් හල තුළ දී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් එම ත්‍රිරෝද රථයට නියමිත ප්‍රමාණයට ඉක්මවා ඩීසල් පොම්ප කිරීමට ඉන්ධනහලේ පොම්පකරු ට සිදුවීම සම්බන්ධයෙන් එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ අවධානය යොමු වීමෙන් අනතුරුව සිදු කළ පරික්ෂාවේදී මෙම වංචා සහගත ක්‍රියාව හෙළිකර ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
සාමාන්‍යයෙන් ඩීසල් ත්‍රිරෝද රථයක ඉන්ධන ටැංකියකට පිරවිය හැකි ධාරිතාව ලිටර් 9 ක් බවත් ව්‍යාජ ලෙස තැනූ ඉන්ධන ටැංකිය ට ලීටර් 19 ක් පිරවිය හැකි ලෙස සකස්කර තිබූ බවත් පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු බණ්ඩාරගම අටලුගම පදිංචිකරුවෙකි.
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
