වූහන් සිට පැමිණෙන සිසුන් දියතලාවට
චීනයේ ඇතිව තිබෙන නව කොරෝනා වෛරස් රෝගී තත්ත්වය හේතුවෙන් එහි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සිසුන් කෙලින්ම දියතලාව හමුදා කඳවුරට යොමු කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව එම සිසුන් දියතලාව හමුදා කඳවුරේ ස්ථාපිත කර ඇති හුදෙකලා කාමර තුළට දින 14ක කාලයකට යොමුකරන බව සෞඛය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.
ඉන් අනතුරුව ඔවුන්ට නිවෙස් බලා පිටත්ව යෑමට අවස්ථාව දෙන බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.
අද පෙරවරුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කළාය.
ඡායාරූප - ඉසුරු පෙරේරා


popular news
-
chandani Tuesday, 28 January 2020 01:10 PM
සියලුම චීන සංචාරකයන් සති 2ක් වෙන් කර තබන්න. මේක බෝ වෙන්නේ රෝග ලක්ෂණ පහල වෙන්නට පෙර නේද? රටේ මිනිස්සුන්ගේ ජීවිත ගැන මීට වැඩ වගකීමක් සවුක්ය අමාත්යන්සයට තිබිය යුතුයි. හෙම්බිටිස්සවක් වත් නැති රෝග වාහකයෝ ඉන්න පලුවන් නේද?
Reply : 0 0
samson Tuesday, 28 January 2020 03:49 PM
හැම මගුලකටම දැන් හමුදා කඳවුරු. මේක තමයි රට යන දිසාව. මහා මැතිවරණයේදී තව තුනෙන් දෙකකුත් දීපල්ලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

