වාහන පාක් එකටත් කරාපිටියේ GMOA වැඩ වරයි
වාහන ගාල්කිරීමේ ස්ථානයක් සම්බන්ධයෙන් ගාල්ල, කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් දෙපිරිසක් අතර අද (10දා) උදෑසන ඇති වූ ආරවුලක් හේතුවෙන් එහි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන් එම අවස්ථාවේ සිට සිය සේවාවලින් ඉවත්ව සංකේත වැඩවර්ජනයක නිරත වූහ.
මේ හේතුවෙන් රෝහලේ බාහිර රෝගී අංශයේ සහ සායන කටයුතු අඩපණව පැවති අතර ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් බොහෝ දෙනෙක් දැඩි අපහසුතාවට පත්වූහ.
මීට මාස කිහිපයකට පෙරදී ද රෝහල පිටුපස ඇති මෙම වාහන අංගණයේ වාහන ගාල් කිරීම සම්බන්ධ ගැටලුවක් පැනනැගුන අතර අද උදෑසන එම ස්ථානයේ සිටි විශේෂඥවරුන් කිහිප දෙනකු සාමාන්‍ය වෛද්‍යවරුන්ගේ රථවාහන ගාල් කිරීමට යෑමේදී එයට විරෝධය පළ කර ඇති බවට වාර්තා වෙයි.
රාජකාරියට පැමිණීමේදී සිදුකරන ලද බාධාකිරීම් හේතුවෙන් සංකේත වැඩවර්ජනයක් සිදුකරන බව පැවසූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ වෛද්‍යවරුන් අද උදෑසන 8.00සිට සවස 4.00 දක්වා රෝහලේ දෛනික කටයුතුවලින් ඉවත්ව සිටියහ.
ජිනේෂ් නානායක්කාර/සිරංගිකා ලොකුකරවිට

popular news
-
ඉලේපෙරුම Wednesday, 10 October 2018 05:26 PM
මේ රටේ වෛද්‍ය වෘත්තීකයන්ගේ ආචාරධර්ම පරිහානිය හොඳින් පැහැදිලි වෙනවා. කාමරය බෙදාගන්න බැරුව, වාහනය නවත්වන තැන බෙදාගන්න බැරිව මේ රටේ ස්ට්‍රයික් කරන්නේ වෛද්‍යවරු විතරයි.
Reply : 0 38
Dayan Wednesday, 10 October 2018 06:25 PM
මොන තරම් බාල වෘත්තීයක් තත්වයට වෛද්‍ය වෘත්තීය ගෙනත්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

