“ඔබගේ වටිනා ඡන්දය ඔබ අපිට දෙන්නේ අපෙන් වැඩගන්න. ඡන්ද පත්‍රිකාවේ ලියුවේ නැති වුනාට ඔබේ අරමුණ ඔබේ වැඩ කටයුතු ටික, ඔබේ ගමේ, ප්‍රදේශයේ වැඩ ටික අපට කියලා ඉක්මණටම කරවගන්න. ඒක ඔබගේ අයිතියක්. එය ඔබගේ ඡන්දයේ බලයක්. ඒ නිසා ජනතාව අපිට ඡන්දය දෙන්නේ අපෙන් වැඩ ගන්න මිසක් අපට පුද සත්කාර කරන්නට නොවේ” යැයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියා සිටියි.
අමාත්‍යවරයා මෙම අදහස් පලකලේ අයගම ගවරගිර ප්‍රදේශයේ පානීය ජල ව්‍යාපෘතියක් සඳහා මුල් ගල් තැබීමේ උත්සවයට එක් වෙමිනි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ වාසුදේව නානායක්කාර
“මේකේ අපට නම්බුවක් ඕනේ නෑ. ගෞරවයක් ඕනේ නෑ. අපිට ඔබට මතක් කරන්න තියෙන්නේ ඔබගේ ඡන්දය දෙනකොට ඒ ඡන්ද කොලේ ඔබ නොලිව්වට ඔබ ප්‍රාර්ථනා කලේ අපේ ගමට පහසුකම් ලැබෙන්න ඕන.
මේ ඡන්දයේ තියෙන වටිනාකමයි මං මේ කියන්නේ. අපි ඡන්දයේ නියෝජිතයෝ, මහජන නියෝජිතයෝ ඔබ තමයි අපට කියන්නේ මෙන්න මේ මේ දේවල් රටේ වෙන්න ඕනේ. අපි ඒ දේවල් කිරීමේ කාර්ය භාරය අපේ කරේ තියාගෙන ඔබගේ ඒ අයිතිය ඉටුකිරීමට ඉල්ලීම ඉටුකිරීමට මේ රටේ ආණ්ඩු පාලනය ගෙනී යනවා.
ඉතින් ඔබ තමයි තීන්දු කරන්න ඕනේ ආණ්ඩුවෙන් වෙච්චි වැරදිත් තියෙනවා. කඩිමුඩියේ කරපු දේවල් වල අඩුපාඩුවත් තියෙනවා. නමුත් කරලා තියෙන්නේ හැම දෙයක්ම හොඳ හිතින්. අන්න ඒ චේතනාවයි මෙතන බලන්න ඕනේ. ආණ්ඩුව කලා නම් යම් දෙයක් ඒ කලේ හොඳ හිතින්ම පමණයි. එය මේ රටේ පොදු ජනතාවගේ යහපත උදෙසා සිදුකරපු දෙයක්.
නමුත් සමහර වේලාවට අපේ ඉලක්ක වරදින්න පුළුවන්. ඒ ගැන අපට සමාවෙන්න ඕනේ. මං කියන්නේ ඔබගේ ඡන්දයේ අයිතිය තමයි මේ ඔබටත් ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ඡන්දයේ අයිතිය අපි බෙදන කොට අපට ඡන්දය දුන්නු අයට විතරක් නෙමෙයි බෙදන්නේ. අපට ඡන්දය විරුද්ධව දුන්නු අයටත් එක්කයි බෙදන්නේ. ඒකයි මේ අපේ ක්රියාදාමයේ තියෙන්නා වූ වටිනාකම.”