යුරෝපා රටවල සංචාරකයන් පිරිසක් රැගෙන ලොව වටා ගමන් කරණ "වස්කෝද ගාමා "නැමැති මගී නෞකාව අද (12) උදැසන ත්‍රිකුණාමලය වරායට සේන්දු වු බව ශ්‍රි ලංකා වරාය අධිකාරිය කියයි.
මගීන් 1200 රැගෙන යා හැකි මෙම නෞකාවෙන් මගීන් 400 පැමිණි බවත් එම පිරිස ත්‍රිකුණාමලයේ එක් දින සංචාරක නිරත වන බවත් ශ්‍රි ලංකා වරාය අධිකාරියේ ත්‍රිකුණාමල වරාය නියෝජ්‍ය හාබර් මාස්ටර් කපිතාන් ශ්‍රියන්ත අරම්පත් මහතා පැවැසිය.
පෘතුගාලය රටේ ධජය යටතේ සංචාරය කරණ මෙම නෞකාව ත්‍රිකුණාමල සංචාරය නිමවා අනතුරුව සිංගප්පූරුව බලා යැමට නියමිතය.
