වස්කඩුවේ ලී මෝලක ඊයේ (27දා) මධ්‍යම රාත්‍රියේ හටගත් ගින්නකින් විදෙස් රටවලට ආනයනය කිරීමට සූදානම් කරන ලද පැලට් ලෑලි විශාල ප්‍රමාණයක් විනාශ වී ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි.
වස්කඩුව ගාලුපාරේ නිවසක් පිටුපස පවත්වාගෙන යන ලී මෝලේ ලී පදම් කරන බොයිලේරුව සහිත කොටසේ ගින්න හටගෙන තිබේ.
සිද්ධිය සැලවීමත් සමගින් කළුතර නගර සභාවේ ගිනි නිවන භටයින් හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ විනාඩි 45 ක් වැනි කාලයකදී ගින්න පාලනය කලද එහි ගබඩා කර තිබූ පැලට් ලෑලි සියල්ල විනාශවී ඇති අයුරු දැකගත හැකිවිය.
ගින්නට හේතුව නිශ්චිත වශයෙන් සදහන් කල නොහැකි බව කළුතර නගර සභා ගිනි නිවන ඒකකය සදහන් කරන අතර , හානිය මෙතෙක් ගනන් බලා නොමැත.
පානදුර සුමිත් පොතුපිටිය
