14 හැවිරිදි දැරියක් වසර ගණනාවක් තිස්සේ අතවරයට ලක්කල 80 හැවිරිදි සියා ඇතුළු සමීප ඥාතීන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර නැන්දගේ පුතා සහ ලොකු අම්මා ගේ පුතා ද වන බව පොලිසිය කියයි
දැරිය දූෂණයට ලක් කළ බව කියන බාප්පා යැයි කියා ගන්නා පුද්ගලයෙකු ඇතුළු තවත් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් ඒ අතර පාසල් සිසුවකු ද වන බව පොලීසිය කියයි.
අතවරයට පත් දැරිය රෝහල් ගත කර ඇත.
පියා භාරයේ මිත්තණිය සෙවනේ හැදී වැඩෙන ළාබාල වයසේ දැරියක් ප්‍රදේශයේ තරුණයකු සමඟ සමීප සබඳතාවයක් පවත්වන බවත් ඔහු රාත්‍රී කාලයට එම නිවස වෙත යන බවත් ළමා ආරක්ෂණ අධිකාරියට යම් පුද්ගලයකු ලබාදුන් හෝඩුවාවක් අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස එම අධිකාරිය විසින් මොරගහහේන පොලිසියට කරන ලද දැනුම්දීමක් අනුව සිදු කළ විමර්ශනවලින් අනතුරුව දැරියට වසර ගණනාවක් තිස්සේ සිදුව තිබූ අපරාධය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වූ බව පොලිසිය කියයි
දැරියව පොලිසිය වෙත කැඳවා සිදු කළ ප්‍රශ්න කිරීමේදී පෙර පාසැල් යන අවදියේ දී මව විදේශ ගතවීමෙන් අනතුරුව පියා තමාව අතුරුගිරිය ප්‍රදේශයේ නැන්දාගේ නිවසේ නතර කළ බව ප්‍රකාශ කර ඇත.
පහ වසර අධ්‍යාපනය ලබද්දී එම නිවසේ සිටි සීයා තමන්ට වරින් වර ලිංගික අතවර කළ බවත් අනතුරුව නැන්දගේ පුතා තමන්ව අතවරයට ලක්කළ බවත් අනතුරුව සියා ද ඒ හා සමානව තමන්ව අතවරයට ලක් කල බවත්බ දැරිය ප්‍රකාශ කර ඇත
අනතුරුව එම ප්‍රදේශයෙන්ම වැඩ බිමක තරුණයකු සමග ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගිය බවත් ඔහු සමඟද අවස්ථා දෙකකදී රාත්‍රී කාලයේ දී නිවසින් බැහැරව ලිංගිකව හැසිරුණු බව දැරියගේ ප්‍රකාශයකින් අනාවරණ වූ බව පොලිසිය කියයි
ඒ වන විට තමන් 7 වසරේ අධ්‍යාපනය ලැබූ බවත් නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේ පුංචි අම්මාගේ නිවසට ගිය අවස්ථාවේ දී බාප්පා ද තමන්ට ලිංගික අතවර කළ බව දැරිය ලබාදුන් ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලිසිය කියයි
දැරිය වරින් වර පාසල් සිසුන් සමඟ පෙම් සබදතාවයන් පවත්වා ගෙන යාම හේතුවෙන් නැන්දා විදේශගතව සිටින මවට දන්වා ඇයගේ මවගේ ( දැරියගේ මිත්තණියගේ) නිවස වෙත ඇර ලවා එම ප්‍රදේශයේ පාසල වෙතයොමු කර තිබියදී දැරිය ඉගෙනුම ලබන පාසලේ සිසුවෙක් සමග සබඳතාවයක් පවත්වා ඔහුව රාත්‍රී කාලයට නිවස වෙත ගෙන්වා ගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
කුඩා කල සිටම කීප දෙනෙකු ගේ ලිංගික අතවරයට පත් දැරිය දැඩි ලෙස එයට ඇබ්බැහි වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් නැන්දාට හෝ මිත්තණියට කිසිම දිනක පවසා නොතිබූ බවත් ඔවුන්ට ද සැකයක් ඇති නොවන පරිදි ඇය සහ සෙසු සැකකරුවන් කටයුතු කර තිබූ බවත් පොලිසිය කියයි.
පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ දී කිසිදු බියක් සැකක් නොමැතිව දැරිය ඇයට සිය වැඩිහිටියන් සිදුකළ නොමනා ක්‍රියාව ඒ අයුරින්ම ප්‍රකාශ කළ බව උසස් පොලිස් නිලධාරියා කිය.
අත්අඩංගුවට ගත් 17, 30 හා 80 හැවිරිදි සැකකරුවන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
සෙසු සැකකරුවන් ට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඒ ඒ පොලිසිය වලට යොමු කළ බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය
පානදුර කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහත්වරුන්ගේ උපදෙස් මත මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතාගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක එල් එම් පි රේණුකා මහත්මිය පරීක්ෂණ පවත්වයි.