වසර හතරක් තුළ ජාතික විදුලි බල පද්ධතියට පුනර්ජනනීය බලශක්තිය හරහා මෙගා වොට් 2800ක් එකතු කිරිමේ සැලසුම සකස් කර අවසන් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
මේ පීළිබඳව සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යවරයා, ලංකා විදුලි බල මණ්ඩලය හා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අතර ධනාත්මක සාකච්වක් ඊයේ පවත්වා තිබේ.
මෙම ඉලක්කය සපුරා ගැනීම වෙනුවෙන් ව්‍යාපෘති 200කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම වෙනුවෙන් සම්ප්‍රේෂණ පද්ධතියේ සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳවද සාකච්ඡා කළ බව අමාත්‍යවරයා පවසයි.
