වසර 03කදී විදුලි බල සියයට 30කින් අඩු කරනවා
විදුලි ඒකකයක් සඳහා යන වියදමේ සාමාන්‍යය රුපියල් 37 සිට රුපියල් 29 දක්වා අඩු කර ඇති බවත්ති රජය පොරොන්දු වූ පරිදි වසර තුලකදී විදුලි බිල සියයට 30කින් අඩු කරන බවත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
“විදුලි ඒකකයක ජනන මිළ අඩු කරන්නේ නැතිව විදුලිබිල අඩුකරන්න බැහැ. දැනට කරන්නේ වැඩි ගානට අරන් අඩු ගානට විකුණන එක, මිළදී ගැනීමේ- ජනනය වියදම අප රට බාරගනිද්දී තිබුණේ රුපියල් 37කට. දැනට ඒක රුපියල් 29දක්වා 22%කින් අඩුකරගන්න අපට පුළුවන් වෙලා තිබෙනවා. අපේ සැළසුම ඒ අගය රුපියල් 25දක්වා ගේන්නයි. ඒක කරලා වසර 03ක් ඇතුළත විදුලිබිල 30%කින් අඩුකරන්න අපි පොරොන්දු වුන විදියට කටයුතු කරනවා”. යැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද පාර්ලිමේන්තුවේදී, විපක්ෂ මන්ත්‍රී රවී කරුණානායක නැගූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කලේය.
තවද විදුලි ජනනය ධාරිතාවය වැඩි කිරීම සදහා, දිගුකාලීන ජනන සැලැස්මට අනුව පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් ජාතික පද්ධතියට අවශෝෂනය කිරීම, ජාතික සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ පද්ධතිය පුළුල් කිරීම, පුනර්ජනනීය බලශක්ති ගබඩාකරණ පද්ධති හදුන්වාදීම, ඉදිරියේදී කල් ඉකුත්වන බලාගාර වෙනුවෙන් සහ අනාගත ඉල්ලුම සැපයීම සදහා තාප බලාගාර හා ද්‍රවීකෘත ස්වභාවික වායු බලාගාර ඉදිකිරීම, මෙන්ම දැනට ක්‍රියාත්මක ජල විදුලිබලාගාරවල ධාරිතාවය වර්ධනය කිරීම ආදී පියවර ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කලේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

