දඩුවම් කාලය අවසන්විමට පෙර නිත්‍යානුකුල නොවන ආකාරයෙන් බන්ධනාගාර රැදවියන් 1,181 දෙනෙකු පසුගිය වසර හයක කාලය තුලදි බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදි පලාගොස් ඇති බැව් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සම්බන්දයෙන් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
මෙම කාලය තුලදි පැනගිය රැදවියන්ගෙන් 709 දෙනෙකු නැවත අත්අඩංගුවට ගෙන නොමැති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
රටතුල කවර හෝ අධිකරණයක අධිකාරි බලය යටතේ බන්ධනාගාරගත කරන ලද සැම තරාතිරමකට අයත් රැදවියන්ගේ ආරක්ෂාව හා රැකවරණය සැපයිම බන්ධනාගාර නිතිරිතිවලට අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වගකිමකි.
ඒ විතරක් නොව රැදවියන් පුනරුත්ථාපනය කර යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරිම ද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වගකිමකි.