වසර දෙකක් තුළ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් සතුන් 328 දෙනෙකු මිය ගොස් තිබේ .
සත්වෝද්‍යාන සංවර්ධන හා සුබසාධන අරමුදල සත්ව සුභසාධනය සඳහා උපයෝගී කර ගන්නා ආකාරය පිළිබඳව ජාතික විගණන කාර්යාලය කළ විමර්ශනයකදී මෙම කරුණු හෙළි වී තිබේ .
ඒ අනුව 2016 ,2017 වසර දෙක තුළ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් සතුන් 328 මියයෑමට රෝගාබාධ ,එක් ස්ථානයකින් තවත් ස්ථානයකට මාරු කිරීමේදී පසු වෛද්‍ය උපදෙස් අනුව කටයුතු නොකිරීම ,අලි ඇතුන් අඛණ්ඩව ප්‍රතිකාර නොකරිම ඇතුළු කරුණු ගණනාවක් හේතු වී තිබේ.
කමල් ශ්‍රී ලියනගේ/බලපිටිය
