වසරකට පොල් ගෙඩි මිලියන 107ක් පමණ රිලව්, වඳුරන් හා දඬුලේනුන් විසින් විනාශ කරන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පවසයි.
මෙරට වගාවන්ට වාර්ෂිකව සතුන්ගෙන් සිදුවන හානි පිළිබඳ සම්පුර්ණ සමීක්ෂණ වාර්තාවක් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහූණු ආයතනය විසින් කෘෂිකර්ම අමාත්‍යවරයාට බාර දුන්නේය.
අලියා, මොනරා, රිලවා, වඳුරා, වල් ඌරා හා දඩුලේනා වගාවන්ට වැඩිපුරම හානිකරන සතුන් බව ද එම සමීක්ෂණ වාර්තාවේ සඳහන් වේ.
වාර්ෂික අස්වැන්නෙන් සියයට 40ක් පමණ වනසතුන්ගේ හානි නිසා විනාශ වේ.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු ආයතනයේ අධි පර්යේෂක රේණුකා වීරක්කොඩි මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් සමීක්ෂණ කණ්ඩායමක් අදාල සමීක්ෂණය සිදුකර තිබේ.
