වසන්ත මුදලිගේ ඇතුළු තිිදෙනා තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ඉල්ලයි
මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා තවදුරටත් රදවාගෙන ප්‍රශ්නකිරීමට ආරක්ෂක අමාත්‍යවරයාගෙන් අවසර ඉල්ලා ඇතිි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.
මේ අනුව වසන්ත මුදලගේට අමතරව හෂාන් ජීවන්ත ගුණතිලක හා ගල්වැව සිිරිිධම්ම හිමි මෙසේ රඳවාගෙන ප්‍රශ්න කරයිි.
ඔවුන් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් කර ඇතිද? ත්‍රස්තවාදී කටයුතු සඳහා පෙළඹවීමක් සිිදුකර තිබෙනවාද යන්න පිළිබඳව තවදුරටත් පරික්ෂණ කරන බව ඔහු පවසයි.
යම් ආකාරයකට ත්‍රස්තවාදි කටයුතු සඳහා පෙළඹවිමක් ඇත්නම් ඒ පිළිබඳව විමර්ශන කටයුතු ත්‍රස්ත විිම්ර්ශන කොට්ඨාසය වෙත භාරදෙන ලෙස පොලිස්පතවරයා උපදෙස් දී ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයිි.
popular news
-
Dayan Monday, 22 August 2022 05:17 AM
GST will be lost, due to terrorism of our Police.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

