අන්තර් විශ්ව විදාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙක් පැය 72ක කාලයක් කාලයක් සඳහා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර දී ඇත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පොලිස් අධිකාරීවරයෙකුට පැවැරෙන බලතල අනුව මෙසේ ඔවුන්ව පැය 72ක කාලයක් රැඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය.
රජයට එරෙහිව අන්තර් විශ්ව විදාල ශිෂ්‍ය බළ මණ්ඩලය පසුගිය 18 වැනිදා පැවැත්වු උද්ෂෝණයකදී වසන්ත මුදලිගේ ඇතුළු ” 16 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
එලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 16 දෙනා පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 15 දෙනෙකු ඇප මත මුදාහැරීමට නියම කෙරුණු අතර එක් පුද්ගලයෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ බව පොලීසිය පවසයි.
ඇප මත නිදහස් කෙරුණු 15 දෙනා අතරින් තිදෙනෙක් මෙසේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දී තිබේ.