වස්ගමුව ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළුවූ 28ක් අත්අඩංගුවට - ප්‍ර.සභා මන්ත්‍රිවරුන් 2 ඒ අතර
වස්ගමුව ජාතික වනෝද්‍යානයේ බලපත්‍ර නොමැතිව රැදී සිටි පොළොන්නරුව ප්‍රදේශයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් දෙදෙනෙක් හා හිමිනමක් ඇතුළු 28 දෙනෙක් ඊයේ (08) අත්අඩංගුවට ගත් බව වස්ගමුව ජාතික වනෝද්‍යාන නිලධාරිහු පවසති.
වස්ගමුව ජාතික වනෝද්‍යානයේ නගානාගල ප්‍රදේශයේ දී වැටලීම සිදුකර තිබේ.
වෙසක් පොහෝ දින වස්ගමුව ජාතික වනෝද්‍යානයට බලපත්‍ර නොමැතිව ඇතුල්වීම හා රැදී සිටිමේ චෝදනා යටතේ මෙම සැකකරුවන්ට එරෙහිව පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන බව වස්ගමුව ජාතික වනෝද්‍යානය භාර නිලධාරිහු කියා සිටිති.
අත්අඩංගුවට ගත් පිරිස සමග ඔවුන් සන්තකයේ තිබු පිහි කිහිපයක් හා ආහාර ද්‍රව්‍ය රැසක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර, මොවුන් කුමන අරමුණක් සදහා වනෝද්‍යානයට ඇතුළුවූවාද යන්න සම්බන්ධයෙන් වස්ගමුව ජාතික වන උද්‍යානයේ නිලධාරිහු පරික්ෂණ පවත්වති.
නාඋල - ඉන්දික අරුණ කුමාර

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

