වූෂු ඉසව්වකින් ලංකාවට රන් පදක්කමක්
සාග් තෙවැනි දින පළමු රන් පදක්කම තරිඳුගෙන්
සංජීව ධර්මසේන
නේපාලයේ පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්රීඩා උළෙලේ තෙවැනි දිනයේ තරග අද (04දා) ආරම්භ වූ අතර, එහිදී දිනයේ පළමු රන් පදක්කම ශ්රී ලංකාව වෙනුවෙන් දිනාදීමට වූෂු ක්රීඩක තරිඳු නාමල් අනුරාධ සමත් විය.
තාවුළු තයිජි ජැයැන් ඉසව්ව නියෝජනය කළ තරිඳු ප්රසාද ලකුණු 18.90ක් ලබාගනිමින් රන් පදක්කම දිනාගත්තේය.
මෙහි රිදී පදකක්ම ඉන්දියාවේ ඥාන්දාස් සිං (ප්ර.ල. 18.74) විසින්ද, ලෝකඩ පදක්කම ස්ත්කාරක නේපාලයේ හරි ප්රසාද් ගෝලේ (ප්ර.ල. 18.49) විසින්ද දිනාගත්තේය.
මේ අතර අද පැවැති මීටර 10000 පිරිමි ඉසව්වේ රිදී පදක්කම ශ්රී ලංකාවේ ශම්මුගේෂ්වරන් විසින් දිනාගත් අතර, ඔහු තම ඉසව්ව අවසන් කිරීම සඳහා විනාඩි 30.49.30ක කාලයක් වාර්තා කළේය. මෙහි රන් පදක්කම ඉන්දියාවේ සුරේෂ් කුමාර් (වි. 29.33.61) විසින්ද, ලෝකඩ පදක්කම නේපාලයේ දීපක් අධකාරෙයි (වි. 30.50.06) විසින්ද දිනාගත්තේය.
පදක්කම් සටහන (පෙ.ව. 11.30ට)


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

