රජයේ සේවකයන්ට වැඩි කළ බව කියන සියයට 107 ක වැටුප් වැඩිවීම සහ රුපියල් 2,500 ක දීමනාව විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලයටත් ලබා දෙන ලෙස ඉල්ලමින් විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සංවිධානයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සේවක පිරිස අද (30) වනදා මහනුවර ඔරලෝසු කණුව ඉදිරිපිටදී විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වූහ.
පේරාදෙණිය පාරේ සිට පාගමනින් පැමිණි විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ඔරලෝසු කණුව අසලදී සිය උද්ඝෝෂණය පැවැත්වුහ.
මෙහිදී විරෝධතාවයට එක් වූ පිරිස සඳහන් කළේ, රජය විසින් රජයේ සේවකයින්ගේ වැටුප සියයට 107 කින් වැඩි කර ඇතත් විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලයේ වැටුප සියයට 92 න් පමණක් වැඩි වී ඇති බවයි. එය අනෙකුත් රජයේ සේවකයික්ට මෙන් සියයට 107 දක්වා වැඩි කර දෙන ලෙස ඔවුහූ ඉල්ලා සිටිති.
මෑතක රජයේ සේවකයින්ට ලබා දුන් රුපියල් 2,500 ක දීමනාවට තමන්ට නොලැබෙන බවත් එයද ලබා දෙන ලෙසත් විරෝධතාවයට එක්වූ විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩල සාමාජිකයින් මෙහිදී ප්‍රකාශ කළහ.

