විශ්‍රාම වැටුප් හා මාසික වැඩිහිටි දිමනා නිවසටම
රාජ්‍ය සේවකයින් සඳහා වාර්ෂික උත්සව අත්තිකාරම් දිමනාව ලබා දිමටත් , සමෘද්ධි පවුල් විසි තුන් ලක්ෂයකට මුලික දිමනාවක් වශයෙන් රුපියල් 5000 දිමනාවක්ද අබාධිත දිමනාව නොලබන , පොරෝත්තු ලේඛණයේ සිටින අබාධිත අයටද අදාළ දිමනාව ලබා දිමටත් ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ අනුමැතිය හිමිවි තිබේ.
එසේම විශ්‍රාමිකයින් හා වැඩිහිටියන් සඳහා දිමනාව අදාළ වැටුප් හා ගෙවිම් අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතිය යටතේ ඉහත දිමනා අදාළ විශ්‍රාමක හා වැඩිහිටියන් සලදහා නිවෙස්වලටම ලබා දිමේ වැඩ පිළිවෙලක් එළැඹෙන 2020. 4. 3 වැනිදා සිට ක්‍රියාත්මක කිරිමට නියමිතය.
අත්‍යාවශ්‍ය සේවාවන් පිළබදව ජනාධිපති කාර්ය සාධණ බලකාය එහි ප්‍රධානි බැසිල් රජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) අරලිය ගහ මන්දිරයේ පැවති රැස්විමේදි මේ බව අනාවරණය විය.
එසේම එම ක්‍රියා මාර්ග ක්‍රියාත්මක කිරිමටද කාර්ය සාධක බලකාය මැදිහත්ව කටයුතු කරනු ලැබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

