විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා යුධ හමුදාවෙන් ප්‍රවාහන පහසුකම්
ලබන අප්‍රේල් මස 02 වෙනිදා සහ 03 වෙනිදා රජයේ විශ්‍රාම වැටුප් ලැබීමට නියමිත ජේෂ්ඨ පුරවැසියන් ඔවුන්ගේ නිවෙස්වල සිට බැංකු වෙත රැගෙන ගොස් යලි නිවෙස් කරා රැගෙන ඒමේ ක්‍රමවේදයක් රජයේ උපදෙස් මත ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ආරම්භ කරන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.
මේ අනුව අදාළ ප්‍රදේශවල ග්‍රාමසේවක නිලධාරින් සමග සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකා යුධ හමුදාව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි යුධ හමුදාපතිවරයා විසින් වැඩිදුරටත් සඳහන් කර සිටියි

popular news
-
විශ්‍රාමිකයා Wednesday, 01 April 2020 07:01 AM
වැඩබලන පොලිස්පතිවරයා කියල තිබුනා සියළු විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ හා පවුල්වල අය ඉතාම දුස්කරතාවයෙන් සිටිනවා ඔවුන්ට සහන සලසන්න කියල.මෙම කටයුත්තත් එසේ නොවේවා..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

