ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශ්‍රාම යෑමෙන් පසුව ඔහුට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
විශ්‍රාම යන ජනපතිවරයෙකුට ලබාදෙන සියලු වරප්‍රසාද වලට අමතරව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනට භාවිත කරන කොළඹ මහගම සේකර මාවතේ පිහිටි නිල නිවසද ඔහුට ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවෙන් මත්ද්‍රව්‍ය තුරන් කිරීම වෙනුවෙන් ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන් ඔහුට ඇති තර්ජන නිසා ඔහුට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ලබාදීමට නියමිතය.