නීතිවිරෝධී අයුරින් ඩීසල් ලීටර් 3000 ක් වව්නියාව නෙළුම්කුලම් පොලිස් වසමේ පට්ටානිචූර් ප්රදේශයේ වෙළඳසැලක් තුළ සඟවා තිබියදී වෙළඳසැල් හිමියා සමග අත්අඩංගුවට ගත්බව වව්නියාව පොලිස් විශේෂ කාර්යංශය පවසයි.
පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන්ට ලැබුණ බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් අදාල ප්රදේශයට ගොස් වැටලීමක් කොට සිදුකරන ලද සෝදිසිකිරීමකදී හාඩ්වෙයාර් වෙළඳසැලක්තු ල අදාල ඉන්ධන තොගය ගබඩාකොට තිබියදී සොයාගනු ලැබීය.
එහිදී ඩීසල් ලීටර් 200 බැගින් ගබඩාකොට තිබූ බැරල් 15 ක් තිබී සොයාගෙන ඇති අතර අදාල ඩීසල් තොග අධික මිළ ගණන් යටතේ අදාළ වෙළඳසැලේ හිමිකරු විසින් විකිණීමට සැලසුම් කොට තිබූ බවද පොලීසිය විසින් අනාවරණය කරගනු ලැබීය.
පසුව වෙළඳසැලේ හිමිකරුද පොලීසිය විසින් ඉන්ධන තොගය සමගින් අත්අඩංගුවට ගැනීමට පියවර ගත් අතර සැකකරු වව්නියාව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද වව්නියාව පොලිස් විශේෂ කාර්යංශය වැඩිදුරටත් පැවසීය.
