වව්නියාව ආච්චිපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණ ව්‍යාපාරිකයෙකු ඊයේ (31දා) දින කිසියම් නාදුනන පිරිසක් විසින් අමානුෂිකව ඝාතනය කොට තිබියදී මළ සිරුර සොයාගත් බවට සිදම්බරපුරම් පොලීසිය පවසයි.
අච්චිපුරම් ප්‍රදේශයේ පිහිටි මාර්ගයක් ආසන්නයේ මළසිරුරක් ඇති බවට සිද්ම්බර පුරම් පොලීසියට ලැබුනු තොරතුරකට අනුව අදාල ස්ථානයට ගිය පොලීසිය විසින් මළසිරුර පරික්ෂා කිරීමේදී මියගොස් ඇත්තේ අදාල තරුණ ව්‍යාපාරිකයා බවට අනාවරනය කරගනු ලැබීය.
මළසිරුරේ වෙඩි ප්‍රහාරයක් මෙන්ම දරුණු කැපුම් තුවාල ඇති බවටත් එක් අතක් වෙන්වන අයුරින් කපා තිබූ බවටත් අනාවරනය වී ඇති අතර අදාල ව්‍යාපාරිකයාට පළමුව වෙඩිතබා පසුව අමානුෂිකව තියුණු ආයුධ වලින් පහරදී ඇතැයි සැක පල කරන බවට පොලීසිය පැවසීය.
මෙලෙස මිය ගොස් ඇත්තේ ආච්චිපුරම් ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි යොන්සන් රන්ජා නැමති තරුණ ව්‍යාපාරිකයෙකු වන අතර මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණ වෙනුවෙන් වව්නියාව මහරෝහල වෙතට රැගෙන ගොස් ඇත.
අදාල ඝාතනය සිදුකල අය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකොට ඇතැයි සැකපල කරන බවට සිද්ම්බර පුරම් පොලීසිය සැකපල කර සිටියි.
ඝාතකයින් අත්අඩංගුවට ගැනීම සඳහා සිද්ම්බරපුරම් පොලීසිය සහ වව්නියාව පොලීසිය විසින් පුලුල් පරික්ෂණයක්ද ආරම්භ කොට ඇත.