වව්නියාව නෙඩුන්කේනි ශිවානගර් ප්රදේශයේදී ඊයේ (18දා) රාත්රියේ නිවසක් ඉදිරිපිටදී සිදු වූ වෙඩිතැබීමකින් තරුණියක් එම ස්ථානයේදීම මිය ගිය බවට නෙඩුන්කේනි පොලීසිය පවසයි.
ශිවානගර් ප්රදේශයේ පදිංචි අදාල තරුණිය ඊයේ (18දා) රාත්රියේ ගෙමිදුලේ ඇති වූ ශබ්දයක් හේතුවෙන් නිවසේ දොර විවෘත කොට ගෙමිදුලට පැමිණි අවස්ථාවේදී ගේට්ටුව අසල සැඟවී සිටි අයෙකු විසින් තරුණියට වෙඩි තබා පලාගිය බවට නිවැසියන් විසින් පොලීසියට පවසා ඇත.
අදාල වෙඩිතැබීමෙන් තරුණිය එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර වෙඩිතැබූ අය කව්රුන්දැයි යන්න නිවැසියන්ට හඳුනාගැනීමට නොහැකි වී ඇති අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැත.
මෙලෙස වෙඩිවැදීමෙන් මිය ගොස් ඇත්තේ ශිවානගර් ප්රදේශයේ පදිංචි 21 හැවිරිදි දුරෙයිරාජ සිංහම් ප්රමිලා නැමති තරුණියක් වන අතර කිසියම් පෞද්ගලික හේතුවක් මත මෙම වෙඩිතැබීම සිදුකරන්නට ඇති බවට පොලීසිය සැක පල කර සිටියි.
වෙඩිතැබීම සිදුකරන ලද පුද්ගලයින් සොයා මේ වන විට පුලුල් පරික්ෂණයක් අරඹා ඇති අතර මළසිරුර පශ්චාත් මරණ පරික්ෂණය වෙනුවෙන් වව්නියාව මහරෝහලට රැගෙන යාමට පියවර ගෙන ඇතැයිද නෙඩුන්කේනි පොලීසිය වැඩිදුරටත් පැවසීය.
