වව්නියාවේ ජාතික පාසලකින් මෝටාර් උණ්ඩ සොයාගනී
වවුනියාව මඩුකන්ද ජාතික පාසල් භූමියේ කසල සහිත ස්ථානයක තිබී පුපුරා නොගිය මිලිමීටර 81 වර්ගයේ මෝටාර් උණ්ඩ තුනක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. මඩුකන්ද ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල වෙනුවෙන් පස්කපන යන්ත්‍රයක් ගෙන ක්‍රීඩා පිටිය පිලිසකර කොට ඇති අතර එම අවස්ථාවේදී ක්‍රීඩාපිටියට අවශ්‍ය කසල බැහැර කිරීම වෙනුවෙන් වලක් කැපීමේදී පොළව යටතිබූ අදාල මෝටාර් බෝම්බ මතුවී ඇත.
පසුගිය යුද සමයේදී කොටි ත්‍රස්ත සංවිධානය විසින් අදාල ස්ථානයේ මෙම මෝටාර් බෝම්බ වලදමන්නට ඇතැයි පොලීසිය සැකපල කරන අතර අදාල ස්ථානයේ තවත් බෝම්බ ඇත්දැයි සෙවීමටද පියවර ගෙන ඇතැයි පරික්ෂණ සිදුකරන මඩුකන්ද පොලීසිය වැඩිදුරටත් පැවසීය. හමුවූ මෝටාර් උණ්ඩ දැඩිලෙස දිරාපත්ව තිබූ බවත් සඳහන් කළේය. මෝටාර් උණ්ඩ තැන තැන විසිරී තිබු බවත් එ්වා පිපිරී ගියේ නම් විශාල හානියක් සිදුවීමට ඉඩතිබූ බවත් පැවසීය.
වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ හමුවූ මෝටාර් උණ්ඩ පොලිස් විශේෂ කාර්ය බලකායේ මඩුකන්ද කඳවුරේ නිලධාරීන් විසින් අාරක්ෂිතව ඉවත් කිරීමෙන් අනතුරුව නිශ්ක්‍රීය කිරීමට කටයුතු කර ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

